Friday, April 26, 2024

General line - 0115112241

චන්දිමාල් ගුරුසිංහ සහ හතුරුසිංහ දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, කන්ඩායමේ කළමණාකරු  අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කිරීම සම්බන්ධයෙන් ICC ය විසින් ඔවුන්ට එරෙහිව සිදුකරනු ලබන විමර්ශනයන් අවසන් වන තෙක්.

දකුණු අප්‍රිකාව සමග පළමු තරගය ඇරඹීමට පැය 10 කට පෙර ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තිදෙනාට එරෙහිව විමර්ශනය සිදුකළ ICC විනිශ්චය මණ්ඩලය විසින් ඉදිරියේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් අවම වශයෙන් ඔවුන්ට ටෙස්ට් තරග 02 ක තහනමක් පැනවෙනු ඇති බවයි.

ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාංගනයට නොපැමිණ පැය 02 ක කාලයක් තරගය වර්ජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කටයුතු කිරීම මෙලෙස ICCය පරීක්ෂණයක් සිදුකිරීමට හේතු වුණා.

චන්දිමාල්ගෙන් හිස්වන නායක තනතුර බොහෝ විට උපනායක සුරංග ලක්මාල් විසින් පුරවනු ඇති බවයි ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ.