Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය යොවුන් කී‍්‍රඩිකාවක් ලොව වැඩිම ආදායම් ලබන කී‍්‍රඩිකාවන්ගේ ලැයිස්තුවට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය යොවුන් බැඩ්මින්ටන් කී‍්‍රඩිකා පී වී සින්දු ලොව වැඩිම ආදායමක් ලබන කී‍්‍රඩිකාවන්ගේ ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඇයගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක් බවයි ලෝක ප‍්‍රකට ෆෝබ්ස් සගරාවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ලොව වැඩිම ආදායමක් ලබන කී‍්‍රඩිකාවන් දස දෙනා අතර සිටින එකම බැඩ්මින්ටන් කී‍්‍රඩිකාව වන්නේ පී වී සින්දුවීම විශේෂත්වයක්. 23 හැවිරිදි වියේ පසුවන ඇය 2016 වසරේ ඔලිම්පික් කී‍්‍රඩා උළලේදී බැඞ්මින්ටන් ඉසව්වෙන් ඉන්දියාවට රිදී පදක්කමක් දිනා දුන්නා.

ලොව වැඩිම ආදායමක් ලබන කී‍්‍රඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 6 ම හිමිව ඇත්තේ ටෙනිස් කී‍්‍රඩිකාවන්ටයි. එහි පළමු ස්ථානය අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට හිමිව තිබෙනවා. ඇයගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18 කට අධිකයි.