Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොක්කෙක් මිලියන ගණනක් යටිමඩි ගහන්න හදලා - ඇමති පොලිස්පති ගැන විශ්වාසය තබයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් සිදු කළ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එළඹෙන එංගලන්ත තරග සංචාරයට අදාලව විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ විදේශීය ගිණුමකට බැර කර ගැනීමට දැරූ උත්සහයක් සම්බන්ධයෙනි. ඔහු එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ විකාශ අයිතිය ලබාගෙන ඇති සෝනි සමාගම ලබාදුන් ඩොලර් මිලියන 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගනිමින් මේ වංචාව සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. මේ පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කලේ ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (11) අලුයම පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින්.

ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පැවසුවේ මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ක්‍රිකට් ආයතනය ඒ පිළිබද පැමිණිලි කර ඇති බවත්, නුදුරේම මෙම මූල්‍ය වංචාව පිළිබද තවත් තොරතුරු අනාවරණය වනු ඇති බවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ පිළිබදව පරීක්ෂණ කඩිනම් කරනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පලකළේ.