Wednesday, May 8, 2024

General line - 0115112241

එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක් සවුදි බළධාරින් විසින් ජෙඩා අගනුවරදි අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඔවුන් දෙදෙනා සේවය කරනු ලබන හෝටලය තුලදී එකට උදෑසන ආහාර වේල එකට ගෙන ඇති අතර එහිදි ඔහු එය විඩියෝ ගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙම ඊජිප්තු ජාතික පුද්ගලයා එහිදි එම සවුදි කාන්තාවට කියා තමන්ට කෑම ස්වල්පයක් කවා ගන්නා අයුරු විඩියෝව සටහන්ව ඇති අතර සවුදි නිතියට අනුව එය වරදක් යැයි එරට කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

සවුදි අරාබි නිතියට අනුව අවිවාහක කාන්තාවන් හා පුරුෂයින් එකට එකතුවි ප්‍රසිද්ධ ස්ථාන වල ආහාර ගැනිම තහනම් කර තිබෙනවා. 

දැඩි ඉස්ලාමිය නිතිවලට යටත් රටක් වන සවුදි අරාබියේ අවිවාහක කාන්තාවන් හා පිරිමින් හෝටල් සහ ආපන ශාලාවලදි එක්ව ආහාර ගැනිමක් සිදු නොකරනු ලබන අතර ඒ සදහා හෝටල් වල දෙපාර්ශවයන්ට වෙන් කරන ලද ස්ථාන පිහිටා තිබෙනවා.

යම් හෙයකින් විවාහක යුවලක් මගතොටේ එකට එක්ව ගමන් බිමන් යන විට ආරක්ෂක අංශ මගින් පරික්ෂා කිරිමකට ලක් කලහොත් ඔවුන්ගේ විවාහ සහතිකය ඉදිරිපත් කොට තමන් නිත්‍යානුකුලව විවාහ වී සිටින යුවලක් බවට ඔප්පු කළ යුතු අතර එසේ නොමැති වුවහොත් ඔවුන්ව අත් අඩංගුවට ගැනිමේ බලය පවා එරට ආරක්ෂක අංශ සතුවනවා.

මෙම සිදුවිමෙන් අනතුරුව එරට සේවය කරනු ලබන විදේශිකයින් තම රටේ පවතින සම්ප්‍රදායන්ට, නිතීන්ට යටත්ව කටයුතු කරන ලෙස සවුදි රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සවුදි සංස්කෘතියට, සම්ප්‍රදායන්ට හානිවන ආකාරයේ පුවත් සහ විඩියෝ පළකරනු ලබන පුද්ගලයින්ට එරෙහිව පස් වසරක සිර දඩුවම් පැනවිමේ නව නීති ගෙන ඒමට ඉකුත් සතියේදි සවුදි රජය කටයුතු කරනු ලැබුවා.