Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාව ඉන්දියාවට සම්බාධක පනවන්න සූදානමක්

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉන්දියාව රුසියාවෙන් එස් 400 වර්ගයේ දිගු දුර නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට ගිවිසුම්ගතවීම හේතුවෙනි.

ඉන්දියානු සාගර කලාපයේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියාව රුසියාවෙන් එස් 400 වර්ගයේ දිගු දුර නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගන්නේ ඒ සඳහාය.

එක්සත් ජනපදය ඊයේ දිනයේ චීනය රුසියාවෙන් යුද ගුවන් යානා හා ගුවන් ආරක්ෂක මිසයිල මිලදී ගැනීම හේතුවෙන්  චීන හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගත්තා. තම හමුදාවට එරෙහිව පැනවූ සම්බාධක ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාවට ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරුව චීනය සඳහන් කර තිබෙනවා.