Friday, April 26, 2024

General line - 0115112241

ඕනෑම තර්ජනයකට සවුදිය සුදානම්

තරංග රුක්ෂාන් ජයසේකර




මාධ්‍යවේදී ජමාල් කසෝගි අතුරුදන්වීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලනය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, සෞදි අරාබිය අද සිදු කළ තර්ජනයත් සමඟයි. නම හෙළි නොකළ එරට රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මාධ්‍යවේදියාගේ අතුරුදන්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් එල්ල වන  ඕනෑම දේශපාලන සහ ආර්ථික තර්ජනයකට මුහුණදීමට තම රට සූදානම් බවයි. 

එමෙන්ම එවැනි  ඕනෑම තර්ජනයකට ප‍්‍රතිචාර දැක්වීමට තම රට සූදානම් බවයි ඔහු අවධාරණය කර තිබුණේ. සෞදි අරාබියෙන් මෙම ස්ථාවරය ප‍්‍රකාශ වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සෞදියට අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදී වීම විශේෂත්වයක්. ඔහු පවසා තිබුණේ අතුරුදන් වූ මාධ්‍යවේදියා සෞදි අරාබිය විසින් ඝාතනය කර ඇත්නම් ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.