Wednesday, May 8, 2024

General line - 0115112241

වසර 600 කට වඩා පැරැණි බඳුන් කොටස් යාපනයෙන් හමු වෙයි (PHOTOS)

දිනසේන රතුගමගේ




වසර 600 කට වඩා පැරණි චීනයේ නිෂ්පාදිත මැටි බදුන්වල කොටස් යාපනයෙන් හමුවී තිබෙනවා.

ඒ, යාපනය අලෙයිපිඞ්ඩි ප‍්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදීයි.

චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් මෙම කැණීම් කටයුතු සඳහා එක්වී සිටියා. මෙම කැණීමේදී චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මැටි බදුන්වල කැබලි 654 ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ඒවා වැඩිදුර අධ්‍යයනය සඳහා චීනයේ ෂැන්හයි විශ්ව විද්‍යාලය වෙත යැවීමටද කටයුතු කර තිබෙනවා.