Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඩොලර් යොදා ගැනීමෙන් ඉවත් වෙන්න ලු




මූල්‍ය වෙළඳපොලෙහි ශ‍්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුද ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා මුදල් ඒකකය ලෙස ඩොලරය යොදා ගැනීමෙන් ඉවත් විය යුතු බව ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙනවා.

ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම කඩා වැටීම සම්බන්ධයෙන් ඊයේ (23) රාත‍්‍රී ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී කෙරුණු ප‍්‍රශ්න කිරීමකදීයි. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. ජාත්‍යන්තරය මගින් ඇති කෙරෙන ආර්ථික හෝ වෙනත් අභියෝග ජය ගැනීමට නම් පළමුව ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් ශක්තිමත් වියයුතු බවයි ඔහු අවධාරණය කළේ. 

ඊයේ රාත‍්‍රී ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.