Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්ත ශී‍්‍ර ලංකා 20/20 අද

කසුන් කැළුම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (27) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 7 ටයි.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිසර පෙරේරා නායකත්වය ලබාදෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් අකිල ධනංජයට අද තරගයට සහභාගි වන්නේ නැහැ. ඒ වෙනුවට අමිල අපොන්සු සංචිතයට කැදවූ බවයි කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.