Friday, April 26, 2024

General line - 0115112241

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ යූ ආර් අ ලීඩර් මෙහෙයුමේ අවසන් දිනය අද (PHOTOS) (UPDATE)




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වන අදියරේ අද (04) තුන්වන දිනයයි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී එහි කටයුතු මේ වනවිටත්  ආරම්භ වී තිබෙනවා.

කඳවුරට එක්ව සිටින දරුවන්ගේ කලා හැකියාවන් විදහා දැක්වූ ගිනිමැල සංදර්ශනය ඊයේ (03) රාති‍්‍රයේ පැවැත්වුණා. 

දරුවන්ගේ දක්ෂතා පිළිබඳ පාසලේ ගුරුභවතුන්ද අදහස් පළ කළා.

දරු දැරියන්ගේ මවුපියන් ද සහභාගී වූ මව්පියගුණ සම්භාවනා සංගිත චිකිත්සාවක්ද මෙම කඳවුරට ඇතුළත් වුණා.  

සිය දියණිය සමග ඊට එක්වූ බිබිල මැදගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජානක විතානච්චි පෙන්වා දුන්නේ අද දරුවන්ගේ ජීවන රටාව දෙස බැලීමේදී මෙවැනි වැඩසටහන් අත්‍යාවශ්‍යම මොහොතක් ලෙස පෙනී යන බවයි.

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුරේ අවසන් දිනය අදයි.    

 

(ඡායාරූප - පාලිත ආරියවංශ)

 
 

                        

---------------------------

යූ ආර් අ ලීඩර් අද දින මෙහෙයුම අරඹයි (PHOTOS) (UPDATE)

(03-11-2018 20:18)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වන අදියරේ දෙවන දිනය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (03) සාර්ථකව කි‍්‍රයාත්මක වුණා. දරු දැරියන්ගේ මවුපියන් සහභාගී වූ මව්පියගුණ සම්භාවනා සංගිත චිකිත්සාව පැවැත්වුණේ අද පෙරවරුවේයි.

මේ, සිය දියණිය සමග ඊට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න.

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහට එක්ව සිටින දරු දැරියන්් අද දිනයේද විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්නා.
 

.............................................................

යූ ආර් අ ලීඩර් අද දින මෙහෙයුම අරඹයි

(03-11-2018 08:47)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වැන්නේ නේවාසික කඳවුරේ කටයුතු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (03) උදෑසන ආරම්භ වුණා.

අද දිනයේ ඊට එක්වන දරු දැරියන් විවිධ කි‍්‍රයාකාරකම්වල නිරතවීමට නියමිතයි.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වන ලංකා බැංකුවේ බදුල්ල ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සමින්ද රාජපක්ෂ සඳහන් කළේ මෙවැනි වැඩසටහනකට දායකත්වය සැපයීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි. මේ හරහා අනාගත නායකත්වය භාර ගන්නට සිටින දරු දැරියන්ට මනා අවබෝධයක් ලැබෙන බවද පෙන්වා දුන්නා.

සිසු දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශනයක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහන ලබන 05 වැනිදා දක්වා එම විද්‍යාලයේදී පැවැත්වෙනවා. 
 

 

--------------------------------

යූ ආර් අ ලීඩර් 33වැන්න  බදුල්ලේදී  ඇරඹේ (PHOTOS)

(02-11-2018 21:36)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වැන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (02) ආරම්භ වුණා. විද්‍යාලයේ ගුරුවරුන් සඳහා ද විශේෂ දේශනයක් පැවැති අතර එහිදී ලද අත්දැකීම් පිළිබඳ ගුරුවන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් දැක්වුවා.


අද ආරම්භ වූ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන ලබන 5 වනදා තෙක් පැවැත්වෙනවා. 
 
................................................................................

යූ ආර් අ ලීඩර් 33වැන්න ඇරඹේ (PHOTOS)

(02-11-2018 13:36)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වැන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා.

අද ආරම්භ වන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන ලබන 5 වනදා තෙක් පැවැත්වෙනවා.


-------------------------------------

යූ ආර් අ ලීඩර් 33වැන්න ඇරඹේ

02-11-2018 07:24

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 33 වැන්නේ සමාරම්භය අද සිදුවනවා. ඒ, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදීයි. විද්‍යාලයේ ගුරුවරුන් සදහා වන දේශණයක් අද පැවැත්වෙන අතර විද්‍යාලයේ සියළුම සිසු දරු දැරියන් වෙනුවෙන් වූ තරගද අද සංවිධාන කර තිබෙනවා.

මේ, යූ ආර් අ ලීඩර් වැඩසටහන සමග අත්වැල් බැද ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා බැංකුවේ විකුණුම් හා හැසිරවීම් අංශයේ නියෝජ්‍ය මහා කළමණාකරු සී. අමරසිංහ.


අද ආරම්භ වන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන ලබන 5 වනදා තෙක් පැවැත්වෙනවා.