Friday, April 26, 2024

General line - 0115112241

ඝාතන සැකකරුවකු අත්අඩංගුවට




වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට සම්බන්ධ සැකකරුවෙකු හික්කඩුව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඝාතනය සිදුව තිබුණේ ඉකුත් සැප්තැම්බර් මස 23 වනදා හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීයි. මෙහිදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම ඝාතනය සැලසුම් කිරීම සහ ආධාර අනුබලදීමේ වරදට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමට නියමිතයි.