Thursday, May 9, 2024

General line - 0115112241

ඔක්තෝබර් මාසයේදී උද්ධමනය අඩු වෙලා

සමන්ත කුමාර




ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 0.1 දක්වා අඩු වී තිබෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 0.9 ලෙස වාර්තා වූ බවයි.

ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම මීට බලපා තිබෙනවා. ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා අලුත් මාලූ, බිත්තර, පොල්, අර්තාපල්, කරවල, කුකුළු මස්, ලොකු ළුෑණු, පොල්තෙල් වැනි ආහාරවල මිල ගණන් අඩුවීම බලපා ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

කෙසේවෙතත් එළවළු, සහල්, සීනි, පාන් වැනි ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් අදාළ කාල සීමාව තුළ සිදුව ඇති බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.