Thursday, May 9, 2024

General line - 0115112241

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් NDB බැංකුව ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමණාකරුවන්ගේ ආයතනයේ කාන්තා සංචිතය සමඟ සම්බන්ධ වෙයි.




ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය  ප්‍රවර්ධනය කිරීමෙහි NDB බැංකුවේ සිය කැපවීම අවධාරණය කරමින් ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමණාකරුවන්ගේ ආයතනයේ (CPM Sri Lanka) වෘත්තීය කාන්තා සංචිතයේ නිළ බැංකු සහකරු ලෙස, NDB බැංකුව CPM Sri Lanka  සමඟ අත්වැල් බැඳ ගත් බව සාඩම්බරයෙන් දැනුම් දෙයි.

මාර්තු මස 19 වන දින, CPM Sri Lanka  හි  වෘත්තීය කාන්තා සංචිතය, ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා කොළඹ BMICH හිදී මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කර තිබිණි. 

මෙම වැඩසටහනේ තේමාව ලෙස ‘කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ එහි ප්‍රගතිය වේගවත් කිරීම’ තෝරාගෙන තිබුණු අතර, මෙහිදී කාන්තාවන් වෙනුවෙන් හඬනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන් වෙනුවෙන් වන ගෝලීය ව්‍යාපෘතියේ මුලපිරීමට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

එහිදී Zmessenger හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයෝමි ලොකුලියන මහත්මිය විසින් මෙම උත්සවයේ ඉතා හරවත් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) අධ්‍යක්ෂ සහ ජෝර්ජියාවේ ගරු කොන්සල් ජනරාල් ඩියන් ගෝමස් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන උපදේශන වැඩසටහනේ සභාපතිනි මහාචාර්ය යමුනා සිරිවර්ධන , NDB  බැංකුවේ නීති අංශයේ ප්‍රධානී මෙලඩි වික්‍රමනායක  ඇතුළු ගෞරවනීය ආරාධිතයන් ගෙන් සමන්විත වූ විද්වත් සාකච්ඡාවක් ද සංවිධානය කර තිබිණි.

CPM Sri Lanka  වෘත්තීය කාන්තා සංචිතයේ සභාපතිනී රුවයිහා රාසික් විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.

මෙම හරවත් වූ සාකච්ඡාවන්ට අමතරව, කොළඹ 05, සුජාතා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යයාවන් විසින් කළ ඉදිරිපත් කිරීම් සහ කොළඹ මියුසියස් විද්‍යාලය වෙනුවෙන් සංවිධානය කරන ලද “කාන්තා තරුණ  ව්‍යවසායකත්ව තරඟයේ” රන් පදක්කම් ලාභීන්ගේ සහ zzMentor MeZZ  උපදේශන වැඩසටහනට සම්බන්ධ වී සිටින ශිෂ්‍යයාවකගේ ද අත්දැකීම් බෙදා හදා ගන්නා ලදී.

මෙම උත්සවයේදී සිය අදහස් දක්වමින් මෙලඩි වික්‍රමනායක මහත්මිය පවසා සිටියේ  " මූල්‍ය කළමණාකරණය කාන්තාවන් සවිබල ගැන්වීමේදී ඉතා වැදගත් කාර්ය්‍ය භාරයක් සිදුකරන බව” යි. 

තවදුරටත්  අදහස් දක්වමින් එතුමිය කියා සිටියේ “කාන්තාවන්ට මූල්‍යමය සම්පත්, අධ්‍යාපනය සහ උපදේශනයන් සඳහා ප්‍රවේශය ලබාදීමෙන් කාන්තාවන්ගේ අනාගත මූල්‍ය පාලනය කිරීමටත් ඔවුන්ගේ පවුල් වලට සහ ප්‍රජාවන් සඳහා අර්ථවත් ලෙස දායකත්වන් ලබාදීමෙන් ද NDB  බැංකුව කාන්තාවන් සවිබල ගන්වන බව” යි.

මීට අමතරව කාන්තා ව්‍යවසායිකාවන්ට බැංකු ජාලයන් මගින් ගණුදෙනු සිදුකිරීමේදී ඔවුන්ට  ලබා ගත හැකි ප්‍රතිලාභ රැසක් ද එතුමිය ප්‍රකාශ කළාය.

එපමණක් නොව කාන්තාවන්ගේ ජයග්‍රහණයන් සැමරීම, ඔවුන්ගේ සාර්ථකත්වය සහ වර්ධනය සඳහා සහයෝගය ලබා දෙන පරිසරයක් නිර්මාණය කිරීමේදී  CPM උත්සවය වැනි මුලපිරීම් වල ඇති වැදගත්කම ද ඇය සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළාය.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.

මෑතකදී පැවතිAsian Banking & Finance Retail Banking Awards 2023  සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance  සහ Euromoney  ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවිය.

මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work  විසින් NDB  බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. 

NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල  තුළ අද්විතීය සේවාවන් සපයන NDB  සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ.

ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.