Friday, April 26, 2024

General line - 0115112241

අර්බුධය වැඩි කරන්නයි එජාපයේ උත්සාහය

මහේෂ් චතුරංග




විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මතුව ඇති අර්බුදය තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ දරණ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.  එම පක්‍ෂය අද (07)  කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මේ බව කියාසිටියා.

අරලියගහ මන්දිරය එක්සත් ජාතික පක්‍ෂයේ කුමන්ත‍්‍රණ සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයිද මෙහිදී චෝදනා එල්ල කෙරුණා.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉදිරි ආණ්ඩුවක් යටතේ අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කිරීම ඇතුළු ගිවිසුම් ගණනාවකට එළඹ ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මේ බව කියාසිටියා.