Thursday, May 2, 2024

General line - 0115112241

හිටපු සුපිරි ක්‍රීඩකයෙක් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ තනතුරකට - නව ක්‍රීඩා ඇමතිගේ අවධානය සුපිරිසිදු පුද්ගලයෙක්

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ තනතුරකට හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක රොෂාන් මහානාම පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

නව කී‍්‍රඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප‍්‍රනාන්දු ධූරයේ වැඩභාර ගනිමින් ප‍්‍රකාශ කළේ තමන් කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බවයි.

එහි සභාපතිධූරයට කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සුපිරිසිදු පුද්ගලයෙකු පත් කරන බව ද ඔහු සඳහන් කළා. 

අතුරු කමිටුවේ සභාපතිධූරයට රොෂාන් මහානාම පත් කෙරෙනු ඇති බවයි කි‍්‍රකට් ආරංචි පැවසුවේ. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් සහ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු අතර සාකච්ඡාවක් ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝට්ස්මන් වෙත කියා සිටියේ.