Saturday, April 27, 2024

General line - 0115112241

මතභේද මැද මාලිංගගෙන් තිසර ගැන ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




තිසර පෙරේරා නවසීලන්තයට එරෙහිව අද කී‍්‍රඩා කළේ අදහාගත නොහැකි ඉනිමක් බව එක්දින නායක ලසිත් මාලිංග පවසනවා. අද පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

තිසර පෙරේරා තරග දිනවන කී‍්‍රඩකයෙකු යැයි තමන් විශ්වාස කරන බවයි ලසිත් මාලිංග මෙහිදී සදහන් කර ඇත්තේ. ඔහු අද තරගයේ ජයග‍්‍රහණය ආසන්නයටම ශී‍්‍ර ලංකා පිළ කැදවාගෙන ආවා. කණ්ඩායමක් ලෙස අප තිසර ගැන සතුටු වන බවයි තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග පැවසුවේ.

ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර මතගැටුම් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළව තිබුණා. ඒ, තිසර පෙරේරාගේ බිරිද ෆේස්බුක් ඔස්සේ තැබූ සටහනක්ද සමගයි. මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විවිධ අදහස් ද පළව තිබුණා. 

මේ අතර තිසර පෙරේරා අද රැස් කළ අගනා ශතකයට හිටපු නායක මහේල ජයවර්ධනද සුබපැතුම් එක්කර තිබෙනවා.