Thursday, May 2, 2024

General line - 0115112241

පසුපෙළ මන්ත්‍රීන් කුමක් කීවත් ජනපති අපේක්ෂකයා තේරීමේ වගකීම හිටපු ජනපති මහින්දටයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්තී‍්‍රවරුන් කුමන ප‍්‍රකාශ සිදු කළද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිසි අවස්ථාවේදී නිවැරදි තීරණයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. එක්සත් ජාතික පක්ෂයට එරෙහි පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් ඉකුත්දා ප‍්‍ර‍්‍රකාශ කළා.  

කෙසේවෙතත් ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් පැවසුවේ සිය පක්ෂය එවැනි තීරණයකට එකග වී නොමැති බවයි. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 
 

ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර පවතින ගනුදෙනුව කුමක්දැයි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් මතු කළ ප‍්‍රශ්ණයටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම ප‍්‍රතිචාර දැක්වූවා.

 
එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ එක්විය යුතු බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.