Thursday, May 2, 2024

General line - 0115112241

"ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කල් දැමීමට ඉඩ තියන්නේ නෑ" - මැතිවරණ කොමිසමේ සභාපති කියයි




ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය පවත්වන දිනය කල්තියා දැනුම් දීමට මැතිවරණ කොමිසම කටයුතු සැලසුම් කරන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පැවසුවේ මැතිවරණ කල් දැමීමෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑමක් සිදුවන බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.