Thursday, May 2, 2024

General line - 0115112241

සිරියාවෙන් අවසන් IS කණ්ඩායමත් අතුගා දමන මෙහෙයුම අමෙරිකාව අරඹයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ මෙහෙයුම්වල නිරත අමෙරිකාව ප‍්‍රමුඛ හිතමිතුරු සන්ධානය විසින් IS සටන්කාමීන්ට එරෙහි අවසන් මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ හිතමිතුරු සන්ධානයේ ප‍්‍රහාර සඳහා මුහුණ දීමට IS සංවිධානයේ පළපුරුදු ත‍්‍රස්ත නායකයින් රැසක් සටන් බිටම පිවිස ඇති බවයි. මීට වසර 02කට පෙරදී සිරියාවේ විශාල භූමි ප‍්‍රදේශයක බලය අල්ලා ගත් IS සටන්කාමීන්ට ඉතිරිව පවතින්නේ ඉරාකයට මායිම්වන කුඩා ප‍්‍රදේශයක් පමණක් බවයි පැවසෙන්නේ. සටන්කාමීන් විසින් අදාළ ප‍්‍රදේශය තුළ මිනිස් පලිහක් ලෙස යොදා ගෙන සිටින සිවිල් වැසියන්ගෙන් 20,000ක් පමණ ආරක්ෂිතව මුදා ගැනීමට අමෙරිකාව ප‍්‍රමුඛ හිතමිතුරු සන්ධානයේ හමුදා ඊයේ (09) සමත්වුණා. 

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් බදාදා පැවසුවේ ලබන සතිය වනවිට සිරියාවේ කි‍්‍රයාත්මක IS සටන්කාමීන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බවයි.