Wednesday, May 8, 2024

General line - 0115112241

සමපෝෂ අන්තර්පාසල් පාපන්දු තරගාවලිය 10 වන වරටත් පැවැත්වෙයි




වයස අවුරුදු 14න් පහළ  සමපෝෂ අන්තර්පාසල් පාපන්දු තරගාවලිය 10 වන වරටත් පසුගියදා CBL ආයතනය සංවිධානය කර තිබුණා.

කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගාවලිය පැවැත්වුනා.

එහි බාලක ශූරතාවය කළුතර මුස්ලිම් මහ විදුහල දිනා ගත් අතර අනුශුරතාව හිමිවුණේ යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලයටයි.

තරගාවලියේ බාලිකා ශූරතාවය බැඳිවැව මහ විද්‍යාලය දිනා ගත් අතර එහි අනුශුරතාව පොල්ගහවෙල පාරාක‍්‍රමබාහු විද්‍යාලයට හිමිවුණා. 

එම තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමපෝෂ සන්නාම කළමනාකරු වී.පී. ගෝවින්න සඳහන් කලේ දරුවන්ගේ දක්ෂතාවයන්ට ඉඩ දීම සිය සමාගමේ අරමුණක් බවයි.