Thursday, May 2, 2024

General line - 0115112241

මදුෂ් ඇතුළු සැකකරුවන් ගැන ඩුබායි වාර්තාවක් CID යට (EXCLUSIVE)

හේමන්ත කහවලගේ




මාකඳුරේ මදුෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ශ‍්‍රී ලාංකික සැකකරුවන් සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලීසියේ ඩුබායි ඒකකය මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත මෙරට අන්තර්ජාතික පොලිස් ඒකකය වෙත වාර්තාවක් එවා තිබෙනවා. 

ඉකුත් 05වනදා ඩුබායිහිදී සැකකරුවන් 31දෙනොගේ නම් ඇතුළත්ව එම වාර්තාව යොමු කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව ඩුබායි රාජ්‍යයෙන් මෙරටට ලැබුණු පළමු වාර්තාව ද මෙයයි. මෙවැනි වාර්තාවක් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත බව නෙත් නිවුස් ඉකුත් දා පළමුවරට අනාවරණ කළා.