Friday, April 26, 2024

General line - 0115112241

බස් රථ අනතුරේ ඡායාරූප

දිනුක් හේවාවිතාරණ




අද (18) අලුයම 4.30ට පමණ මාරවිල මහවැව හංදිය අසළදී වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණා.

එහිදී අනතුරත් සමග ට්‍රාන්ස්ෆෝමරය බස් රථය මතට කඩා වැටී බස් රථයේ ගමන් ගත් මගීන්ට හානි සිදු වුණා. 

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් බොහෝ දෙනෙකුටද නින්ද ගොස් තිබූ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

තුවාල ලැබූ 19 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙන අතර ඉන් 03 දෙනෙක් කාන්තාවන් සහ 16 දෙනෙක් පිරිමි පුද්ගලයින් වනවා.

බස් රථයේ තිබී ඉවතට ගත් මළසිරුරු සංඛ්‍යාව 04ක්.  

අදාළ බස් රථය ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටීමට පෙර ලොරි රථයක ගැටී ඇති බවටද මේ වන විට වාර්තා වී තිබෙනවා.