Thursday, May 2, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයට අභියාචනාධිකරණය අද (22) දින නියම කළා. ඒ අනුව මැයි මස 22 වනදා එම සාක්ෂි විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණය තීරණය කළේ.

අද දිනයේ මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැදවනු ලැබුවා. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඉකුත් 2017 වසරේ අපේ‍්‍රල් මස 07 වනදා විරෝධතා රැළියක දී සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් විවේචනය කරමින් අධිකරණයට අපහාස කළ බවටයි මෙම නඩුව පවරා ඇත්තේ. මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ විසින් නඩුව පවරා තිබෙනවා.