Friday, April 26, 2024

General line - 0115112241

අනාගතය උදෙසා ටෙස්ට් ක්‍රිකට් ආරක්ෂා කර ගැනීමේ කාලයයි මේ - කුමාර් සංගක්කාර

තරංග රුක්ෂාන් ජයසේකර




අනාගතය වෙනුවෙන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව ආරක්ෂා කර ගැනීමට දැන් හොඳම අවස්ථාවක් උදා වී ඇතැයි ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද නිකුත් වූ ලෝක ප‍්‍රකට එම් සී සී කී‍්‍රඩා සමාජයේ සමීක්ෂණ වාර්තාවක දත්ත පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරමින්.

එම් සී සී ලෝක කි‍්‍රකට් කමිටුවේ සාමාජිකයෙකු ද වන සංගක්කාර පවසන්නේ ගතවූ මාස කිහිපයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි. 

අදාළ සමීක්ෂණ වාර්තාවට අනුව ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ගේන් සියයට 86ක් තවමත් වැඩිම කැමැත්ත ඇත්තේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවටයි. ලොව පුරා රටවල් සියයක පුද්ගලයින් 13,000ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කළා. 

බිලියනයකට වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් ඉකුත් වසරේදී කි‍්‍රකට් කී‍්‍රඩාව වටා එක්වී ඇති අතර ඉන් සියයට 70කගේ කැමැත්ත ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට හිමිව තිබෙනවා.