Saturday, April 27, 2024

General line - 0115112241

ලොවපුරා රටවල් රැසක ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් අක්‍රිය වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සුප්‍රකට ෆේස්බුක්, ෆේස්බුක් මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවි ජාලාවන් අවහිරවී ඇති බව වාර්තා වනවා. මෙම සමාජ වෙබ් අඩවී ජාලාවන් හදිසි අකර්ම වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ  දැනුම් දීමක් සිදුකර නොමැත.

මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන්නේ අමෙරිකාව, යුරෝපය, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාවේ ඇතැම් රටවල් වලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙබ් අඩවි වලට අමතරව පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන ඇප් (App) හරහාද මෙම සේවාවන් භාවිත කිරීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ. 

මේ වන විට ශ්‍රී ලංකාව තුලද මෙම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි භාවිත කිරීමට යම් බාධා මතුවී ඇති බව වාර්තා වනවා.

ලොව වැඩිම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන පුද්ගලයින් සිටින අමෙරිකාව යුරෝපය රටවල ජනතාව මේ හේතුවෙන් දැඩි කනසල්ලට පත්ව ඇති බවත් ඒ බව දක්වමින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ උපකාර පතමින් පණිවිඩ පවා නිකුත් කර ඇති අයුරු දක්නට ලැබෙනවා.