Thursday, May 2, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ අධිකරණ ගැන ඔස්ටේ‍්‍රලියාවෙන් පැසසුම්




අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ශී‍්‍ර ලංකාව ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රසාදය පළ කරනවා. අධිකරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සමග අද (15) පැවැති හමුවකදී ශ‍්‍රී ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් මේ බව පැවසුවා. 

ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පුහුණුවීම්, ප‍්‍රතිසංස්කරණ සහ දැනුම ලබා දීම වැනි කටයුතු සඳහා ඔස්ටේ‍්‍රලියානු රජයේ සහය ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ වී තිබෙනවා.