Thursday, May 2, 2024

General line - 0115112241

ගිනිඅවි ගැන නවසීලන්තයෙන් ඓතිහාසික තීන්දුවක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සියලූ අර්ධ ස්වයංකී‍්‍රය ගිනිඅවි තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඞ්න් මෙම තීරණයට එළඹ ඇත්තේ පුද්ගලයින් 50දෙනෙකුට මරු කැඳවමින් ක‍්‍රයිස්චර්ච් නුවර ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන්. 

අර්ධ ස්වයංකී‍්‍රය ගිනිඅවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත එළඹෙන 11වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අග‍්‍රාමාත්‍යවරිය පැවසුවේ.

නව නීතිය තුළින් නවසීලන්තයේ ඉතිහාසය මෙන්ම නීති පද්ධතියම සදහටම වෙනස් වනු ඇති බව ද අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඞ්න් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. 

ඉකුත් දා ක‍්‍රයිස්චර්ච් නුවරට එල්ල වූ ප‍්‍රහාරය සඳහා භාවිත කර තිබූ ගිනිඅවි අතරට අර්ධ ස්වයංකී‍්‍රය ගිනිඅවි ද ඇතුළත්.