Friday, April 26, 2024

General line - 0115112241

මිහිකත පැය වෙනුවෙන් ලොව පුරා රටවල් අඳුරේ සිටි අයුරු (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සෑම වසරකම මාර්තු මාසයේ අවසන් සෙනසුරාදා රාත්‍රියේදී සමරනු ලබන "මිහිකත පැය" සැමරීමට මේ වසරේදී ද ලොවපුරා ජනතාව එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ලොවපුරා ප්‍රසිද්ධියක් උසුලන රටවල පිහිටි ගොඩනැගිලි සහ පෞරාණික වටිනාකම් වලින් යුත් ස්ථාන සිය ගොඩනැගිලි වල විදුලිය නිමා දමා "මිහිකත පැය" සැමරීමට එක්ව සිටීම විශේෂත්වයක්.

මිනිසා විසින් පෘථිවිය මත ඇති කරනු ලබන විවිධාකාරයේ බලපෑම් සම්බන්ධයෙන් සිතා බලන ලෙස දන්වමින් ලෝක පරිසර සංවිධානය විසින් සෑම වසරකම "මිහිකත පැය" සැමරීමට කටයුතු කරනු ලබනවා. 

පැයක පමණ කාලයක් ලෝකයේ සියළුම රටවල් සිය විදුලි පහන් නිවා දමා මෙම සැමරීමට එක්වන්නේ මතු පරපුර සඳහා පරිසරය ආරක්ෂා කරදීමේ වටිනාකම ගැන ලෝක බලධාරීන්ට සහ සියළුම දෙනා එක්විය යුතු බව පසක් කරලමින්ය.