Friday, April 26, 2024

General line - 0115112241

දිමුත් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් තීරණයක් ගනී

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 7,500ක දඩයක් පැනවීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින්.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ මෙම වරද සිදු කිරීමෙන් දිමුත් කරුණාරත්න සිය කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තුව උල්ලංඝණය කර ඇති බවයි. ඒ අනුව එක් ටෙස්ට් තරගයක ගාස්තුව ඔහුගෙන් දඩ වශයෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

ඉකුත් ඉරිදා බොරැල්ලේදී දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය, තී‍්‍ර රෝද රථයක ගැටී අනතුරක් සිදුවුණා. එහිදී තී‍්‍ර රෝද රථ රියදුරු සුළු තුවාල ලැබූ අතර රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ඔහු මේ වනවිට පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්නට ඇප හිමිවූ අතර ඔහුගේ රියදුරු බලපත‍්‍රය තාවකාලකව අත්හිටවුණා. 

මේ අතර එළඹෙන ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙරට පැවැත්වෙන පළාත් කි‍්‍රකට් තරගාවලිය හෙට (04) ආරම්භ වනවා. එහිදි මහනුවර කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ද දිමුත් කරුණාරත්නයි.