Thursday, May 2, 2024

General line - 0115112241

සුඩානය පාප් වහන්සේගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වයි

තරංග රුක්ෂාන් ජයසේකර




පාප් වහන්සේගේ ඉල්ලීමට ගරු කරමින් කඩිනමින් එක්සත් රජයක් පිහිටුවා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට සුඩාන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, යුද ගැටුම්වලට මැදිහත් වී සිටින දකුණු සුඩානයට සාමය රැගෙන එන්නැයි සුඩාන දේශපාලඥයින්ගෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

වතිකානයේ දී පාප් වහන්සේ සුඩාන දේශපාලන නායකයින්ගේ දෙපා සිඹ මෙම ඉල්ලීම සිදු කළ අතර එය ලොවපුරා දැඩි අවධානයක් යොමු කළ සිද්ධියක් වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස පාප් වහන්සේ සුඩාන දේශපාලඥයින්ගේ දෙපා සිපගෙන ඇත්තේ සාම්ප්‍රදානුකූල චාරිත්‍ර අනුව බවයි.

2011 වසරේදී සුඩානයෙන් වෙන්වී දකුණු සුඩාන නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු 2013 වසරේ සිට මේ වනවිට සිවිල් යුද්ධයක් හටගෙන තිබෙනවා. අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව ලක්ෂ 04ක්. පුද්ගලයින් මිලයන ගණනක් ඉන් අවතැන් වුණා.