Thursday, May 2, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා යටතේ ආගමික වැඩසටහන් රැසක් ඇඹව ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී (UPDATE)




කුලියාපිටිය ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙන බක්පුර පසළොස්වක පොහොදා නෙත් එෆ් එම් රේඩියොවේ ශ්වේත පූජා වැඩ  සටහනේ තවත් පිංකම් කිහිපයක් අද (19) රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

.........................................................

ශ්වේත පූජා හෙට ඇඹව ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ

(18-04-2019 12:26)

හෙටට (19) යෙදී ඇති බක්පුර පසළොස්වක පොහෝදා නෙත් එෆ්. එම්. රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන කුලියාපිටිය, ඇඹව ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

උදාවූ නව වසරේ සියළු ශී‍්‍ර ලාංකිකයන්ට සෙත්පතා පැවැත්වෙන ගිතෙල් පහන් පූජාවක් මෙම වැඩසටහනට සමගාමීව හෙට රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතයි.

කුලියාපිටිය, ඇඹව ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඉරුදෙණියායේ සිරිරතන ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ පිංකම් සඳහා එක්වන්නැයි අවට සියලු ජනතාවට ආරාධනා කරන බවයි.