Friday, April 26, 2024

General line - 0115112241

පකිස්තානයේ සුපිරි හෝටලයක් ඉලක්ක කර ප්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් ඉලක්ක කර සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයට ඉලක්ක වී තිබුණේ ගඩාර් වරාය නගරයේ පිහිටි පර්ල් කොන්ටිනෙන්ටල් නම් හෝටලයයි. ප්‍රහාරය සඳහා සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් පැමිණ තිබුණා.

එරට වේලාවෙන් අද (11) පස්වරු 05 ට පමණ හෝටලයට කඩා වැදුනු තුවක්කුකරුවන් හෝටලට තුළ පිරිසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එහිදී හෝටලට තුළ සිටි පිරිසක් තුවාල ලබා ඇතැයි ද සඳහන්. කෙසේවෙතත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී දෙස් විදෙස් සංචාරකයින් කොපමණ පිරිසක් හෝටලය තුළ සිටියේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

පසුව හෝටලය තුළට ඇතුළු වූ ආරක්ෂක අංශ හා සන්නද්ධ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවුණා. ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් හෝටලය තුළ සිටි පිරිසක් නිරුපද්‍රිතව මුදා ගැනුණු බව ද සඳහන්. කෙසේවෙතත් ආරක්ෂක අංශවල විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. 

ප්‍රහාරයට ඉලක්ක වී ඇති හෝටලය අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක වටිනාකමකින් යුත් විශාල අයෝජන ව්‍යාපෘතියක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.