Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රංශයේ ජනාකීර්ණ විදියක බෝම්බ පිපිරීමක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ප්‍රංශයේ තෙවන විශාලතම නගරය වන Lyon හි සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. එරට පොලිසිය සදහන් කරන්නේ නගරයේ බේකරියක් අසල පිහිටි ජනාකීර්ණ විදියක බයිසිකලයකින් පැමිණි පුද්ගලයෙක් විසින් ඇටවූ "පාර්සල් බෝම්බයක්" මෙලෙස පුපුරා ගොස් ඇති බවට දැනට සිදුකර ඇති මුලික විමර්ශන වලදී හෙළිවී ඇති බවයි.

පුපුරා ගිය බෝම්බය තුල ඇණ, යකඩ බෝල ඇතුලත්ව තිබු බවයි බෝම්බ විශේෂඥයින් සිදුකරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත්තේ. 

" මෙය ත්‍රස්ත ප්‍රහාරයක්, බෝම්බය රැගෙන ආ බවට සැකකරන පුද්ගලයාගේ රූප රාමු CCTV කැමරා වල සටහන්ව තිබෙනවා. ඔහුව සොයා ගැනීම සදහා මහජනතාවගේ සහය පතනවා" ප්‍රංශයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා සදහන් කර සිටිනවා.

ISIS සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධාන විසින් ගතවූ වසර 05 තුලදී ප්‍රංශයට එල්ල කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 250 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. 

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ඉකුත් සති කිහිපයේදී සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රංශයට ප්‍රහාර එල්ල කරන බවට දැක්වෙන තර්ජණාත්මක නිවේදන කිහිපයක්ද පළකර තිබුනා. එරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය සදහන් කරන්නේ ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇති බවයි.

මේ අතර ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Christophe Castaner විසින් එරට සියළුම ජනාකීර්ණ ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.