Friday, April 26, 2024

General line - 0115112241

හකීම් ජාත්‍යන්තර හමුවේ කළ ප‍්‍රකාශයකට විරෝධය

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සියලූදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින බවට හිටපු අමාත්‍ය රාවුෆ් හකීම්  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍යයක් වෙත කළ ප‍්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රතිචාර දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මුදල් ලබාදුන් සියලූ දෙනා තවමත් නිදැල්ලේ පසුවන බවයි. 

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියලූදෙනා අත්අඩංගුවට ගෙන සිටින බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කියා සිටියේ තවමත් රට අනාරක්ෂිත තත්වයක පවතින බවයි.