Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එපාවූ හතුරුසිංහට බංග්ලාදේශය යළි අත වනයි

ඩිල්ෂාන් මඩවල




චන්දික හතුරුසිංහ යළි සිය ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය චන්දික හතුරුසිංහ කෙරෙහි යළි මෙලෙස අවධානය යොමු කර තිබෙන්නේ ඔහුට ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දී තිබියදී වීම විශේෂත්වයක්. 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම භාර ගැනීමට ප්‍රධාන පෙළේ තවත් පුහුණුකරුවන් 04 දෙනෛකුට ද ආරාධනා ලැබී තිබුණා. එහෙත්, මේවනවිට ඉදිරියෙන්ම සිටින්නේ චන්දික හතුරුසිංහ සහ නවසීලන්තයේ හිටපු ක්‍රිකට් පුහුණුකරු මයික් හෙසන් බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

චන්දික හතුරුසිංහ මීට පෙර 2014 වසරේ සිට 2017 දක්වා ද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේ ද එම වකවානුවේදීයි.