Tuesday, March 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රාන්ත 03කට බලපෑ ගංවතුරෙන් 147 දෙනෙක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 147 දෙනෙක් මියගොස් ඇති බව රජයේ බලධාරීන් පවසනවා. අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත්තේ කර්ණාටක, කේරළ සහ මහාරාෂ්ඨ යන ප්‍රාන්තයන්ටයි.

මින් කේරළ ප්‍රාන්තයේ පමණක් ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 57ක් වන අතර විපතට පත්ව කඳවුරු තුල ජිවත් වෙන පුද්ගලයින් සංඛ්‍යාව 165,000කට අධිකයි.

පසුගිය වර්ෂයේදී කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 200කට අධික විය. 

විපතට පත්වූ ජනතාව බේරා ගැනීම සඳහා ඉන්දීය යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති නමුත් විටින් විට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ අඩි 10කට වඩා වැඩි මඩ තට්ටු හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ලොව සංචාරක ආකර්ෂණය දිනා ගත් කර්ණාටක සංස්කෘතික වටිනාකමකින් හෙඹි හැම්පි හි පිහිටි පැරණි නගරය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර කර්ණාටක මහ ඇමතිවරයා කියා සිටියේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60ක් මියගොස් ඇති අතර 227,000කට අධික පිරිසක් විපතට පත්වී ඇති බවයි.