Thursday, May 2, 2024

General line - 0115112241

පොලිස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා පොලිසියට

හේමන්ත කහවලගේ




06 වන පොලිස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පොලීසිය ඊයේ (17) සමත්වුණා.

ඒ, අවසන් මහා තරගයේදී බටහිර ඕස්ටේ‍්‍රලියානු පොලිස් කි‍්‍රකට් පිළ පරාජය කරමින්. මෙවර පොලිස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ වූස්ටන් නගරයේදීයි.

ආසියානු පොලිස් කි‍්‍රකට් කණ්ඩායමක් පොලිස් ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව ද මෙය වනවා. මෙවර තරගාවලිය සඳහා සත්කාරක එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව සහ අයර්ලන්තය ඇතුළු රටවල් 09 ක් තරග වැදුනා. 

ශ‍්‍රී ලංකා පොලිස් කි‍්‍රකට් කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දුන්නේ සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරයි. පොලිස් කි‍්‍රකට් සමාජයේ සභාපති ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කටයුතු කරනවා.