Friday, April 26, 2024

General line - 0115112241

පොල්වතුර අපතේ නොහරින්නැයි ජනතාවට යෝජනා කරයි




ශ‍්‍රී ලංකාවේ පොල්වලට විදේශ වෙළඳපොලෙහි තවමත් ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බවද එහෙත් එහි ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන් ලබා නොගන්නා බවද ශ‍්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය පවසනවා.

ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණා. එහිදී අදහස් දැක්වූයේ ශ‍්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත සමරකෝන්. 

ශ‍්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය නිහාල් සිල්වාද මෙම සංවාදයට එක්වුණා. පොල් ආශ‍්‍රිත පසු නිෂ්පාදන දිරිමත් කිරීමටද පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ගෙදර දොර සාමාන්‍ය පරිභෝජනයේදී වුවත් පොල්වතුර අපතේ නොහරින්නැයි මෙහිදී යෝජනාවක් කෙරුණා. 

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)