Friday, April 26, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ෆොන්සේකා විශේෂ සාකච්ඡාවක

දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අතර ඊයේ (22) රාත‍්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ විශේෂ ආරාධනාවක් මත මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

පසුගිය සති කිහිපය තුළම මෙම සාකච්ඡාව සඳහා ඔහු පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගෙන් දිනයක් ඉල්ලා තිබූ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත‍්‍රීවරු මෙම සාකච්ඡාව මඟ හැර තිබෙනවා. කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් ඇතුළු මන්ත‍්‍රීවරු කීහිපදෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි සහභාගී වී නැහැ.  මේ අතර ක‍්‍රීඩා අමාත්‍යංශයේ  වැඩබලන අධීක්ෂණ මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරන හේෂා විතානගේ එම ධූරයෙන් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අදාළ ඉවත් වීමේ ලිපිය අද දින භාර දෙන බවයි මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.