Friday, April 26, 2024

General line - 0115112241

බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ විමර්ශන භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කළ අනාවරණය




මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් යැයි ප‍්‍රකාශ කළ නොහැකි බව හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පවසනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධිය වාර්තාවන විට කෑගල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේද ඔහුයි.

එමෙන්ම, අදාළ සිද්ධියේ විමර්ශන භාරව සිටියේද හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනයි.

ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා. 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.