Friday, April 26, 2024

General line - 0115112241

ජයග්‍රාහී බලාපොරොත්තු සමග ශ්‍රී ලංකා පිල ලාහෝර් පිටියට

සමන්ත කුමාර




පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ මීට නොබෝ වේලාවකට පෙර එක් පන්දුවා 8ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 67 රැස්කර ගෙන සිටිනවා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. 

මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64 ක ජයක් වාර්තා කළා.