Friday, April 26, 2024

General line - 0115112241

පාද යාත්‍රා රැස්වීම ලිප්ටන් වටරවුමේ (UPDATE)




ඒකාබද්ධ විපක්ෂය මහනුවර සිට ඇරඹි ජන සටන පාද යාත්‍රාවේ පස් දින සමාප්තිය සනිටුහන් කරමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී රැස්වීම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ තාවකාලික ජංගම වේදිකාව ද ලිප්ටන් වටරවුම අසල ඉදිකර තිබෙනවා.

මේ හේතුවෙන් ලිප්ටන් වටරවුම අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද පවතිනවා.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ කුමණ ගැටලු පැණ නැගුනද සටන අත්නොහරින බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

13873120_1780877205532328_2951335922803777366_n 13895193_1780877212198994_5882195552288342527_n


පාද යාත්‍රාව ලිප්ටන් වටරවුමට 

(Aug 1, 2016 @ 16:54)

ආණ්ඩු විරෝධී ජන සටන පාද යාත‍්‍රාව මීට නොබෝ වේලාවකට පෙර ඩාර්ලි පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය පසු කළා. එම ස්ථානයේ කිසිඳු පොලිස් හෝ ආරක්ෂක නිලධාරියෙකු දැක ගැනීමට නොහැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අභියසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාද යාත්‍රාවත් සමග ගමන් කරමින් සිටිනවා.

නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් වැඩි දුරටත් පැවසුවේ පාද යාත්‍රාව මේ වන විට ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරමින් ඇති බවයි. ලිප්ටන් වටරවුමේදී කුඩා ප්‍රමාණයේ වේදිකාවක් තනා ඇති බවත් සඳහන් කළා.

13627195_1780842608869121_6430371128175173977_n 13782212_1780842712202444_8637253428441844608_n 13872758_1780842612202454_1241463199244460602_n 13912317_1780842615535787_5650789102590534186_n


පාද යාත්‍රාව හයිඩ්පාර්ක් දෙසට හැරේ

(Aug 1, 2016 @ 16:18)

ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත්‍රාව කොළඹ හයිඩ්පාර්ක් පිටිය දෙසට ගමන් කරමින් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ හයිඩ්පාර්ක් පිටිය වෙත පැමිණ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

කෙසේවෙතත් පාද යාත‍්‍රාවේ අවසන් රැළිය පැවැත්වීම සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන් කර තිබෙන බවයි මීට සුළු වෙලාවකට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාර දෙමින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු දක්වා තිබුණා.

 


පාද යාත්‍රාවෙන් කොළඹ තදබදයක්

(Aug 1, 2016 @ 16:01)

ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව හේතුවෙන් කොළඹ අවට මාර්ගවල මේ වනවිට වාහන තදබදයක් පවතිනවා.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් පැවසුවේ පාද යාත්‍රාව ඔරුගොඩවත්ත හරහා මාළිගාවත්ත, මරදාන දක්වා ගමන් කරමින් සිටින බවයි. මේ හේතුවෙන් අවට මාර්ගද දැඩි තදබදයකට ලක්ව ඇති බවත් පැවසුවා.

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කරන ජන සටන පාද යාත‍්‍රාවේ අවසන් රැළිය පැවැත්වීම සදහා බොරැල්ල කැම්බල්පිටිය වෙන් කර තිබෙනවා.

අද පෙරවරුවේ කිරිබත්ගොඩින් ආරම්භ කෙරුණු ජන සටන පාද යාත‍්‍රාව දහවල් 1.30 පමණ වනවිට කොළඹට ඇතුළු වුණා.

13653318_10153554237556467_8369593217438250510_o 13662019_10153554238116467_3678063484011415207_o 13662074_10153554237261467_5009970527956439643_o 13662092_10153554238156467_7766065495067171091_o 13662178_10153554236511467_4579627681451090763_o 13662367_10153554237821467_5888332821883134070_o 13667784_10153554236471467_2553682967357028328_o 13669502_10153554237146467_4983833720167161515_o 13679980_10153554236186467_7860513022927733279_o 13923709_10153554236486467_8898878246000516479_o 13925722_10153554237531467_6107930371146971776_o