Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 3387ක් දක්වා ඉහළට




පදියතලාව ප්‍රදේශයේදී දේශපාලන පක්‍ෂයක ආධාරකරුවෙකුට පහරදී ඔහුගේ නිවසටද ගල්මුල්වලින් පහරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා ලැබී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද මුළු පැමිණිලි ගණන 26 ක්. ඊට අමතරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3,387 ක් ද වෙනත් පැමිණිලි 106 ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා. 

අවසන් පැය 24 තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 102 ක්.