Thursday, May 2, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කබඩි පිරිමි පිළ සාග් රන් සටනට එයි




ශ්‍රී ලංකා කබඩි පිරිමි පිළ ඉතිහාසයේ පළමු වරට සාග් ක්‍රීඩා උළෙලක කබඩි අවසන් මහා තරගයක් සඳහා අද සුදුසුකම් ලබා ගත්තා. ඒ, අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය 35 ට 20 ක් ලෙස පරාජය කරමින්. ඒ අනුව පිරිමි කබඞ් ඉසව්වේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට තරග වැදීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් 02 ද අද එහි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ, පකිස්තානය සහ නේපාලය පරාජය කරමින්. ඒ අනුව බීච් වොලිබෝල් ඉසව්වේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් 02 තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම් 02 ද රන් පදක්කම සඳහා තරග වදිනු ඇති. 

මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම සඳහා වූ තරගය මේවනවිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියා. මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේදීයි.