Friday, April 26, 2024

General line - 0115112241

අමිහිරි පරාජයෙන් පසු කුසල් මෙන්ඩිස් ගැන නායක දිමුත් කතා කරයි




ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් දක්‍ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ශී‍්‍ර ලංකාව පරාජය වූ බව නායක දිමුත් කරුණාරත්න පවසනවා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඔහු මෙම අදහස් පළ කළා.

කුසල් මෙන්ඩිස්ගේ පසුබෑම පිළිබදවද ඔහු මෙහිදී අදහස් පළ කළා.

එහිදී "කුසල් ගැන කතා කළොත්.. ඔහු හොඳ ක්‍රීඩකයෙක්.. හොඳ තාක්ෂණයක් තියෙන ක්‍රීඩකයෙක්. නමුත් ඔහු එකවරම පසු බසිනවා. ඔහුගේ මනස දන්නේ ඔහුයි. මොකක්ද වෙන්නේ කියන එක ඔහු අඳුන ගන්න අවශ්‍යයි. ඒක ඔහුට තියෙන වගකීමක්. ඔහු ඒ වැරැද්ද ඉක්මණින් නිවරැදි කර ගැනීම අවශ්‍යයි. පීඩනය පාලනය කරගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්. " යනුවෙන් සඳහන් කළා.

වසර 10කට පසු පාකිස්තානයේ පැවති මෙම ඓතිහාසික ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහ එක්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙහිදී පාකිස්තානු කණ්ඩායම සහ එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය විශේෂ ස්තූතියක්ද පුද කළා.

එමෙන්ම මෙම තරගාවලිය ආවරණය කිරීම සඳහා පාකිස්තානයට පැමිණි ශී‍්‍ර ලංකා මාධ්‍යවේදින් කණ්ඩායමට මෙහිදී විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමුණා.