Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා මරණ ඉහළ යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

එම සංවිධානය පවසන්නේ චීනය තුල පවතින තත්ත්වයම නොව වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව අනෙක් රටවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. 

ජ්‍යාත්‍යන්තරය තුල පවතින සෞඛ්‍යමය ගැටලූවකදි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කල හැකි ඉහලම අනතුරු ඇඟවීම මෙය වනවා.

කෙසේවෙතත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කල පමණිින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු කළයුතු නොමැති බව ද ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිලිබඳ වාර්තා වනවා. චීනයේ පමනක් එම සංඛ්‍යාව 10,000 කට ආසන්නයිි. කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින් ගණන 214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අමෙරිකාවෙන් පළමු වරට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමක් වාර්තා වනවා. ඒ චිකාගෝ නගරයේ වෙසෙන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණ වීමත් සමගයි. 

එම පුද්ගලයාට සිය බිරිඳගෙන් මෙම වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ. 

ඇය ද කොරෝනා වෛරස් ආසාධිතයෙකු වන අතර චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ සිටින සිය රෝගී පියා බැලිමට ගොස් පැමිණීමෙන් පසුව ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ. 

ඒ අනුව වෛරසය ආරම්භ වු චීනය හැරුණු කොට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ 5 වන රට අමෙරිකාව වනවා.