Friday, April 26, 2024

General line - 0115112241

වසර 32 කට පසු ඉන්දීය ක්‍රිකට් පිලට පූර්ණ තරගාවලි පරාජයක්




නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. 

කේ එල් රාහුල් ලකුණු 112 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුළු 05 කට ලකුණු 300 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 80 ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. කොලින් ඩී ග්රෑන්ඞ් හෝම් නොදැවී ලකුණු 58 යි. මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 04 කින් ජය ගත් අතර දෙවන තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 22 කින්.