Friday, April 26, 2024

General line - 0115112241

මහ ඡන්දයේදී අවතැන් කඳවුරුවලටත් ඡන්ද මධ්‍යස්ථාන




අවතැන් කඳවුරුවල රැඳී සිටින ඡන්ද දායකයින්ට ඉදිරි මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් රැදී සිටින ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා. 

පසුගිය ජනාධිපතිවරණයේදී මන්නාරම් දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් පුත්තලමේ සිට මන්නාරමට බස්රථ වලින් රැගෙන ඒමේදී ඇති වු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය යොමු කළා. ඊට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිතුරු දුන්නේ මෙලෙසයි. 

පළාත් සභා ඡන්ද විමසීමද මෙම වසර තුල පැවැත්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.