Friday, April 26, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය උල්ලංගණය කර අත්අඩංගුවට පත් වූ පිරිස 6850ක් වෙයි




නව කොරෝනා පැතිර යාම පාලනය කිරීම සඳහා ඉකුත් 20 වැනිදා රටපුරා ඇඳීරි නීතිය පැනවූ අවස්ථාවේ සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් හැසුරුණු පුද්ගලයින් 6,850 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ධාවනය කෙරුණු වාහන 1,643 ක්ද මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. 

අද (30) අලූයම 06.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 809 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වාහන 166 ක්ද, මෙම කාලය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.