Friday, April 26, 2024

General line - 0115112241

සිංගප්පුරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසයි 




සිංගප්පුරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකක කාලයක් සඳහා අද (30) සිට වසා තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමගයි.

ඒ අනුව මෙම කාල සීමාව තුලදී හදිසි සේවා කටයුතු සඳහා පහත සඳහන් දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ විය හැකි බවයි සිංගප්පුරුවේ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

(Consular Emergencies) +65 87414011/ +65 86546759/ email: [email protected]

(Migrant Workers, including FDWs) + 65 84981785/ 91810257 email: [email protected]